spot_imgspot_img
spot_img

මැණික් ගඟේ දිය නාමින් සිටි හිමිනමකට කිඹුල් ප්‍රහාරයක්

මැණික් ගඟේ අංක 02 පාලම අසළ තොටුපලේ දිය නාමින් සිටිය දී හිමිනමක් ඊයේ (17) රාත්‍රියේ කිඹුලෙකු විසින් ඩැහැගෙන යාමට උත්සාහ කර ඇති බව වාර්තා වනවා.

ඊයේ (17) රාත්‍රී 8.00ට පමණ හිමිනම මෙම අනතුරට මුහුණ පා ඇති අතර, කිඹුලා සමඟ පොර බැඳීම හේතුවෙන් අදාළ හිමිනමට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී තුවාල ලැබූ හිමිනම කතරගම රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන්.

පානදුර ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි හිමි නමක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?