29 C
Colombo
Monday, February 6, 2023
Peoples Bank Ad

මැණ්ඩවුස් සුලිකුණාටුව නිසා උතුරේ 3000 කට ආසන්න පීඩා

මැණ්ඩවුස් සුලි කුණාටුව හේතුවෙන් ගෙවී ගිය දින කිහිපය තුලදී උතුරට බලපෑ බලපෑ අධික වර්ෂාව , සුලිසුලං සහ ගංවතුර ගැලීම් හේතුවෙන් පවුල් 820 කට අයත් පුද්ගලයින් 2770 ක් පමණ පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාසද 500 කට ආසන්න හානි සිදුව ඇතැයි උතුරු පලාත් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

මේ අතර සුලි කුණාටු තත්වයේ බලපෑම හේතුවෙන් මන්නාරම, කිලිනොච්චිය , වවුනියාව, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි වගාවන් රැසකට හානි සිදුව ඇති අතරම ගොවීහු දැඩි පීඩාවන්ට පත්ව සිටින අතරම සුලි සුලං හේතුවෙන් මන්නාරම සහ මුලතිව් ධීවර කර්මාන්තයටද දැඩි බලපෑම් එල්ලවී ඇත.

අධික වර්ෂාවන් හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයට වන අතර එහි පුදුකුඩිඉරිප්පු, ඔඩ්ඩුසුඩාන්, මාන්තෙයි නැගෙනහිර, මැරිටියන්පත්තු , තුනුක්කායි ප්‍රදේශයන්හි පවුල් 346 කට අයත් පුද්ගලයින් 1,124 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස 281 කටද හානි සිදුව තිබේ.

එමෙන්ම කිලිනොච්චියේද කරච්චි, පූනකරි, කණ්ඩාවලෙයි සහ පලෙයි ප්‍රදේශයන්හි පවුල් 277 කට අයත් පුද්ගලයින් 899 දෙනෙකුද නිවාස 69 කට හානි සිදුවිය.

යාපනයේ ඩෙල්ෆ්, කයිට්ස්, නල්ලූර්, කෝපායි, කරෙයිනගර් ආදි ප්‍රදේශයන්හි පවුල් 142 කට අයත් පුද්ගලයින් 534 දෙනෙක් පීඩාවන්ට පත්ව ඇති අතර නිවාස 98 කට හානි සිදුවිය, මන්නාරමේ මඩු, මුසලී, නානාට්ටාන්හි පවුල් 50 කට අයත් පුද්ගලයින් 184 ක් සහ වව්නියාවේ 09 කට අයත් පුද්ගලයින් 29 දෙනෙකුද පීඩාවන්ට පත්ව ඇත.

මේ අතර පවතින් අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකයන් විසින් දැනුම් දී ඇති අතර පීඩාවන්ට පත් වැසියන්ට ආරක්ෂිත ස්ථානයන් වෙතට ගොස් සිටින ලෙසටත් එම ජනතාවට ආහාර ඇතුලු සහන සැලසීමටද පියවර ගෙන ඇතැයි ආපදාකලමනාකරන නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?