Empty Ad
AFC Banner
Empty Ad

මාළු හොරකමේ ආ ඉන්දීය ධීවර පිරිසක් අත්අඩංගුවට

මුලතිව් අලම්පිල් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමගින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.ඉන්දීය ධීවරයින් විසින් මුලතිව් මුහුදු තීරයට ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී නැගෙනහිර නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති.

ඉන්දීය ධීවරයින් සමග ධීවර යාත්‍රාව සමගින් ඔවුන් විසින් අල්ලා තිබූ මසුන් සමගින් ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගෙන පවත්නා සෞඛ්‍යාරක්ෂිත පියවරයන්ට අනුව ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින්  දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ත්‍රීකුණාමලය ධීවර පරික්ෂක කාර්යාලයට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?