මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනාට සහ මන්ත්‍රීවරියට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගෙන් අලුත් ඇඳුම්

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මනෝජ් ද සිල්වා අද (14) පැවති මාසික සභා රැස්වීම අතර තුර ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා වෙත අලුත් ඇඳුම් කට්ටල තුනක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ළඟ එන අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙලෙස ඇදුම් කට්ටල තුනක් පිරිනමා ඇති අතර,ඒවා පිළිගැනීමට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මනෝජ් ද සිල්වා මන්ත්‍රීවරයා සභාවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු සභාවට රැගෙන ආ පිරිමි ඇඳුම් කට්ටල දෙකක් සහ කාන්තා ඇදුම් කට්ටලයක් පාලක පක්ෂ මන්ත්‍රී නිලන්ක චන්ද්‍රලාල් විසින් ඔවුන්ට භාරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කළුතර ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය දැඩි පිළිකුලෙන් යුතුව එම ඇදුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?