spot_imgspot_img

මාරාන්තික උපවාසයකට ආ අනධ්‍යයන සේවකයෝ ඇමති බසට කීකරු වී ගෙදර යති

සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන් කිහිපයක් මුල් කරගනිමින් අද (20) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

එම උපවාස භූමිය වෙත පිවිසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඔවුන්ට එම උපවාසය අත්හැර ඒ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසයි දැනුම්දී ඇත්තේ.

ඒ අනුව, අනධ්‍යයන සේවක සංගම් නියෝජනය කරමින් එහි සභාපති කුමුදු එස් කටපොලු‍ගේ සහ ලේකම් දේශබන්දු මද්දුම බණ්ඩාර අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ම සිය අමාත්‍ය කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබුවා.

සියලු‍ තනතුරුවල සේවයේ යෙදෙන අනධ්‍යයන සේවකයින් මුහුණදෙමින් සිටින ගැටළු රැසක් පිළිබඳ ව මෙහි දී සංගම් නියෝජිතවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

ඒ අනුව ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා මැදිහත් වන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කිය සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?