මාර්ග කිහිපයක් සති අන්තයේ වසයි

47 වන ජාතික ක්‍රීඩා උළෙල පැවැත්වෙන හෙට සහ අනිද්දා (09) යන දෙදින ගම්පහ නගර ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

ඒ අනුව පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

01) හෙට දහවල් 2.00 සිට අනිද්දා සවස 6.00 දක්වා ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයේ ‍Y හංදිය ( ගම්පහ නගරයට ඇති පරණ පාර සහ අලුත් පාර හමුවන ස්ථානය ) සිට ජා ඇල වට රවුම දක්වා ගම්පහ දෙසට දිවෙන මාර්ගයේ මංතීරු දෙක සම්පූර්ණයෙන්ම වසා දමනු ලැබේ.

  • මිනුවන්ගොඩ සිට ගම්පහ නගරයට ඇතුළු වීමට විකල්ප මාර්ග ලෙස පරණ මිනුවන්ගොඩ මාර්ගය භාවිතා කළ හැකිය.

02) හෙට සහ අනිද්දා දිනයන්හි දී ජා ඇල වට රවුමේ සිට මිනුවන්ගොඩ මාර්ගයේ ‍Y හංදිය දක්වා වූ ගම්පහ නගරයට ඇතුළු වන හා නගරයෙන් පිටවන මාර්ගය අලුයම 5.00 සිට 6.00 දක්වා, උදෑසන 8.00 සිට 10.00 දක්වා, දහවල් 1.00 සිට 3.00 දක්වා සවස 4.00 සිට 6.00 දක්වා කලය තුළ මංතීරු හතරම සම්පූර්ණයෙන් වසා දැමෙනු ලැබේ.

  • ගම්පහ නගරයෙන් පිටවන සහ නගරයට ඇතුළු වන වාහන සඳහා විකල්ප මාර්ග ලෙස පරණ මිනුවන්ගොඩ මාර්ගය භාවිත කළ හැකිය.

03) හෙට දින සවස 4.00 සිට 6.00 දක්වා ගම්පහ ජා ඇල වට රවුමේ සිට කිරිදිවිට හංදිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ලැබේ.

  • විකල්ප මාර්ග ලෙස ජා ඇල දෙස සිට ගම්පහ දෙසට පැමිණෙන වාහන කිරිදිවිට හංදියෙන් උඩුගම්පල දෙසට යොමු කර අස්ගිරිය වල්පොල හංදියෙන් ගම්පහ මිනුවන්ගොඩ මාර්ගයට ද උඩුගම්පල හංදියෙන් ගම්පහ මිනුවන්ගොඩ දෙසට ගමන් කළ හැකිය.
  • ගම්පහ දෙස සිට ජා ඇල දෙසට ගමන් කරන වාහන ජා ඇල වට රවුම අසලින් ඇති පහලගම මාර්ගය ඔස්සේ මාකිලංගමුව හංදිය දක්වා ගොස් දකුණට හරවා කිරිදිවිට හංදිය ඔස්සේ ජා ඇල දෙසට ගමන් කළ හැකිය .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?