Fly high Get bonus Aviator Phone

මාරක අනතුරු – කුඩා දරුවෙක් ඇතුළු 5ක් මරුට

දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඊයේ (28) සවස අක්කරපත්තු, කල්මුණ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන්ගත් කුඩා දරුවෙක් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

බරපතළ තුවාල ලැබු 2 හැවිරිදි දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, දඹුල්ල පොලිස් වසමේ ඇටමුල හන්දිය දෙස සිට හුරුලුඇල්ල වේල්ල අතුරුමාර්ගයේ දී කලුන්දාව දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී එම දෙසටම ධාවනය වු යතුරුපැදියක හා පාරෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පිටුපස ගමන් කළ දෙදෙනෙකුගෙන් එක් අයෙක් ජලය පිරි තිබු ඇළකට වැටී මීටර් 500ක් පමණ ජලයේ ගසාගෙන යමින් සිටිය දී සොයාගෙන ප්‍රදේශවාසීන් දඹුල්ල රෝහල ඇතුළත් කිරීමෙන් පසු 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර ගම්පහ පොලිස් වසමේ මොරුපොළ ප්‍රදේශයේ දී බණ්ඩාරවත්ත සිට බෙම්මුල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරින් 33 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

එමෙන්ම බුලත්සිංහල පොලිස් වසමේ දවටගහවත්ත පාරට හැරෙන හන්දිය අසලදී හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ 46 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර ගිරිබාව පොලිස් වසමේ තම්මැන්නාව මැදගම මාර්ගයේ දී රොටරිය සහිත අත්ට්‍රැක්ටඑයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවු අනතුරින් එහි රියදුරු වු අවුරුදු 20ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?