අහුංගල්ල, මෝදරවත්ත මාදු ගං මෝයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (14) දහවල් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 13ක සිසුවෙක්.
මෙම සිසුවා බලපිටිය ප්‍රදේශයේ පිහිටි සිය පියාගේ නිවසට පවුලේ සමාජිකයින් සමඟ පැමිණ සිටිය දී, තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට යන බව පවසා මාදු ගං මෝයේ දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එහිදී සිසුවා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, සිසුවා සොයා අහුංගල්ල පොලිසිය සහ නාවික හමුදා කිමිඳුම්කරුවන් විමර්ශන ආරම්භකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
5
+1
+1
1