Fly high Get bonus Aviator Phone

Update – මාදුරුඔය හෙළිකොප්ටර් අනතුරින් මියගිය ගණන ඉහළට (වීඩියෝ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගණන 06ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ගුවන් හමුදා හෙළිකොප්ටර් භටයින් දෙදෙනෙක් සහ හමුදා විශේෂ බළකායේ භටයින් සිව්දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වාර්තා වුණේ.

Update – Friday, May 9, 2025, 11.48 AM

=============================================

මාදුරුඔය හෙළිකොප්ටර් අනතුරින් 05ක් ජීවිතක්ෂයට

අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙළිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ඔවුන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීම් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද (09) උදෑසන 8.15 පමණ මාදුරුඔය ජලාශයට කඩා වැටී මෙම අනතුර සිදුව තිබුණා.

යානය අනතුර ලක්වන අවස්ථාවේ දී ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 12 දෙනෙකු එහි ගමන්කරමින් සිටි බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.

ඔවුන් සියලුම දෙනා ඇතුළත් කෙරුනේ පොළොන්නරුව මහ රෝහලටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?