මාදුරුඔය ගුවන් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපතිවරයා රෝහලට

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටීමෙන් ඊයේ සිදු වූ අනතුරින් හමුදා සාමාජිකයින් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙම අනතුරින් තුවාල ලැබූ තවත් හය දෙනෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

එලෙස තුවාල ලැබූ හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාධිපති ලුතිතන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ පොළොන්නරුව මහ රෝහලට ඊයේ (09) පැමිණ තිබෙනවා.

එහිදී එම හමුදා සාමාජිකයින්ට අවශ්‍යය ඉදිරි ප්‍රතිකාර පිළිබඳව ද රෝහල් බලධාරීන් සමඟ යුද හමුදාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

යුද්ධ හමුදා විශේෂ බලකායේ මාදුරුඔය පුහුණු පාසැලේ ඊයේ (09) පැවැත්වීමට නියමිතව තිබූ විසිරයාමේ පෙළපාලියේ නිදර්ශනයක් අතරතුර මෙම ගුවන් අනතුර සිදුව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?