spot_imgspot_img
spot_img

මාතර පාසල් තවත් දින දෙකක් වැසේ

පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ලබන සඳුදා සහ අඟහරුවාදා මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ගංවතුර තත්ත්වය ඉහළ යමින් පැවතීම හමුවේ මෙම තීරණය ගත් බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ආපදා සහන කටයුතු සදහා සෙබලුන් 500කට අධික යුද හමුදා බලඇණි දෙකක් අනුයුක්ත කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

61 වන බලසේනාවට අයත් සිය දෙනෙකුට අධික පිරිසක් දිවා රෑ මෙම මෙහෙයුමේ නිරත වනවා.

ආපදා සහන ක්‍රියාවලිය අතරතුර ආහාර පාන අවතැන් වූවන් සදහා සැපයීම ද සිදු කරනු ලබන්නේ යුද හමුදාව විසින්.

මේ අනුව මාලිම්බඩ අකුරැස්ස, තිහගොඩ, මාතර යන ප්‍රදේශවල ආහාර සැකසුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.

යුද හමුදාවේ සන්නද්ධ රථ යොදා ගනිමින් මෙම ආහාර බෙදා දීම මෙන්ම අවතැන්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු වනවා.

මේ අතර ගාල්ල, මාතර හා කළුතර යන දිස්ත්‍රික්කවල ආපදා අවදානම සහිත සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අවශ්‍ය සහාය යුද හමුදාව ලබා දෙමින් පවතින අතර එම ස්ථානවල වෛද්‍ය කණ්ඩායම් ද සූදානම් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?