spot_imgspot_img
spot_img

මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමක්

අයහපත් කාලගුණයත් සමග පවතින ගංවතුර හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යටවීමේ අවදානමට ලක්වී තිබෙනවා.

වැඩි වන ජල මට්ටම් සමග මාතර ග්‍රිඩ් උප පොල ජලයෙන් යට වීමේ අවදානමක් ඇති අතර, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ මගින් ලබා දෙන විදුලිය විසංධි කිරීමට සහ විදුලිය විසංධි වන ප්‍රදේශවලට දෙනියාය සහ බෙලිඅත්ත ග්‍රිඩ් උප පොලවල් මගින් නැවත විදුලිය සම්බන්ධ කිරීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

මාතර ග්‍රිඩ් උප පොල ආරක්ෂිතව වසා දැමීමෙන් පසු එහි සේවය කරන විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ආරක්ෂිතව රැගෙන ඒමට නාවික හමුදාව සහ අවශ්‍ය යාත්‍රා ස්ථානගත කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියාසිටියේ.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් ද සිදුවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?