මාංචු පැළඳීමකින් තොරව තිළිණි ප්‍රියමාලි එළියට පැමිණියේ කෙසේද ?බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි අද (12) මාංචු නොමැතිව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත පැමිණියා.

එමෙන්ම ඇය සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිටීම ද සමාජයේ කතාබහට ලක් වුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ තිලිණි ප්‍රියමාලි තවමත් සැකකරුවෙක් පමණක් වීම ඇයට එවැනි ඇඳුමකින් සරසි සිටීමේ අයිතිය පවතින බවත් අත්අඩංගුවට ගන්නා කාන්තාවකට ශ්‍රී ලංකාව තුළ මාංචු පැළඳීමක් සිදු නොකරන බවයි.

ඕනෑම පුද්ගලයෙකු මෙන්ම ඕනෑම කාන්තාවකට මෙම නීති දෙක පොදුවන බවත් තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් විශේෂ සැළකිල්ලක් දක්වා නොමැති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?