spot_imgspot_img

මහ වැස්සෙන් ගාල්ල ජලයෙන් යටවෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (12) පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වරෂාවත් සමඟ මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වුණා.

අප වාර්තාකරු සඳහන් කළේ ගාල්ල නගරයේ ද මාර්ග රැසක් සහ නිවාස රැසක් ද ජලයෙන් යටව තිබූ බවයි.

ගාල්ල මෝඩ ඇලේ පිහිටි ගංවතුර පාලනය සඳහා ඇති අක්‍රිය මට්ටමේ පවතින ජල පොම්පාගාරය සහ ක්‍රියාත්මක නොවන ලවන බාධකයක් හේතුවෙන් තලාපිටිය, පෙට්ටිගලවත්ත, කෝන්ගහ සහ වැලිවත්ත යන ග්‍රාම සේවා වසම් ජලයෙන් යටවන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

මේ අතර පවතින වර්ෂාපතනය තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියා.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?