මහ රෑ රේස් පැද්ද තරුණයින් දෙදෙනා මුහුණට මුහුණ ගැටී ජීවිතක්ෂයට

කළුතර – බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් ඊයේ (18) රාත්‍රියේ තරගයට යතුරුපැදි ධාවනයකරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි මොරොන්තුඩුව පොලිසිය පැවසුවේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, පොතුපිටිය සහ දෙල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටී යසිරු සම්පත් ප්‍රනාන්දු සහ සන්දේශ්‍ සුලෝචන පියරත්න නමැති 18 හැවිරිදි විය පසු වූ තරුණයන් දෙදෙනෙක්.

අධික වේගයෙන් ගමන් ගත් මෙම තරුණයන් දෙදෙනාගේ යතුරුපැදි මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය තරුණයන් දෙදෙනා සමඟ එම අවස්ථාවේ යතුරුපැදි ධාවනයේ යෙදී සිටි අනෙක් තරුණයන් අනතුර සිදුවූ පසු එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?