මහ මඟ දී ගුරුවරියකට ලිංගික අතවර කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අල්ලයි

වෙළඳසැලකට යමින් සිටි හිටපු ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන එක්සත් ජාතික පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ගුරුවරිය මොරගහහේන, මිල්ලෑව, ධම්මානන්ද ප්‍රදේශයේ වෙළඳසැලකට යමින් සිටියදී කැබ් රථයකින් පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඉන් බැසවිත් ගුරුවරිය යන මඟ හරස් කර ඇ‍ය වැළඳගෙන මෙලෙස ලිංගික අතවර කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී ගුරුවරිය මන්ත්‍රීවරයාගෙන් මිදී අසල නිවසකට පලාගොස් ඇති අතර, ගුරුවරිය පසුපස හඹා හා සැකකාර මන්ත්‍රීවරයා එම නිවෙස් හිමි කාන්තාවගෙන් ගුරුවරිය පිළිබඳ විමසීමේ දී ඇය පිටුපස තාප්පෙන් පැන පලා ගිය බව නිවෙස් හිමි කාන්තාව සැකකරුට පවසා ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

පසුව අදාළ ගුරුවරිය 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියේ කණ්ඩායමක් විසින් සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයාගේ අතවරය හේතුවෙන් පපු ප්‍රදේශයේ සීරීම් තුවාලවලට ලක්ව ඇති ගුරුවරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු පැමිණි කැබ් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
5
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?