මහ බැංකු අධිපතිගෙන් රටට සුබ පණිවිඩයක්

මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මූලික යෝජනාවේදී මෙරට ආර්ථික අවභාවිතාව සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලියට බලපෑම් කරයිද?” යනුවෙනි.

“අපි දන්නා පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳ කිසිවක් සන්නිවේදනය කර නැහැ.” ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ මේ මාසය අවසානයේදී පෙර මාසයට සාපේක්ෂව උද්ධමනයේ අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව යි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙරට ණයහිමියන් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතියක්ද දක්නට ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?