මහ බැංකුවේ පොලි අනුපාතික වෙනස් වෙයි

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 100කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ඒ, 2023 මාර්තු 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිවෙලින් සියයට 15.50 සහ සියයට 16.50ක් වන ආකාරයෙන්.

වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කළා.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියාසිටියේ.

“වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක් තියෙනවා කියලා අපිට පැමිණිලි ලැබෙනවා. ඒවට අපි දැනටමත් අලුත් චක්‍රලේක දෙකක් නිකුත් කරලා තියෙනවා. ඒ ගැන සලකා බලා බැංකුවල ණය ගෙවීමේ හැකියාව ඇති අයට යම් ආකාරයක ණය සහනයක් දෙන්න.. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා ඒ අයට සහනයක් දෙන්න.”

ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නැංවීම සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ නිවේදනය මෙතැනින් බලන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?