නාවලපිටිය ගලබොඩ ප්රදේශයේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් හරහා එගොඩ විමට ගිය පුද්ගලයෙකු එම ඇළ මාර්ගයේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කෑගල්ල කරඩුපන ප්රදේශයේ පදිංචි සන්නාසි රාමසාමි (62) හැවිරිදි අයෙකි.
එම පුද්ගලයා එළඹෙන දිපවාලි උත්සව නිසා ගලබොඩ ප්රදේශයේ තම ඥාති නිවසකට යෑම සදහා පැමිණ ගලබොඩ ප්රදේශයට පයින් ගමන් කරමින් සිටියදි ඇළ මාර්ගය තරණය කිරිමට උත්සහ කරන අවස්තාවේ එම ඇළ මාර්ගයේ එකවරම ගලාගෙන ආ ජල ධාරිතාව නිසා ඔහු ජලයේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බවට නාවලපිටිය පොලිසිය සැකකරයි.
නිවසේ ඥාතින්ට තමන් පැමිණෙන බවට දුරකථන ඇමතුමක් ලබා දි පැමිණෙන බව පැවසු ඥාතියා නිවසට නොපැමිණි නිසා ඒ පිලිබදව සැක සිතු ඥාතින් (22) දින උදැසන ඇළ මාර්ගය පරික්ෂා කිරිමේදි සිරුර මරණකරු එගොඩ විමට උත්සහ කල ස්ථානයට මිටර් කිහිපයක් පහලින් තිබු හමු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්රික් මහ රෝහලේ අධිකරණ වෛදව්යවරයා වෙත යොමු කර ඇත.