මහනුවර විශේෂ මෙහෙයුමකින් කාන්තාවන් ඇතුලු 10ක් අත්අඩංගුවට

පොලිසිය නිල සුනඛ අංශයේ නිලධාරීන් සමග එක්ව කළ වැටලීමකින් හෙරොයින් සමග කාන්තාවන් ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන මහනුවර පොලිසිය කළ මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් 4 දෙනෙකු ද වනවා.

අවුරුදු 24ත් 52ත් අතර වයස්වල පසුවන සැකකරුවන් හීරැස්සගල, සුදුහුම්පොල, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන්.

කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචි සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන්නියන් වනවා.

මෙම විශේෂ මෙහෙයුමට පොලිස් නිලධාරීන් 48 දෙනෙකු සහභාගී වූ බව සඳහන්. අත්අඩංගුවට ගත් පිරිස අද මහනුවර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?