මහනුවර දී දෙපිරිසක් ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මහනුවර, දවුලගල, හන්දෙස්ස ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (10) ඇති වූ ගැටුමක් අතර තුර සිදුකළ පිහි ඇණුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ගැටුමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් මහනුවර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව ඒ අතර සිටි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ජීවිතක්ෂයට පත්ව පත්ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා සිය සහෝදරයාගේ නිවසට පැමිණි අවස්ථාවේ සහෝදරයාගේ නිවැසියන් සහ අසල්වැසි නිවසක පදිංචිව සිටි පිරිසක් අතර ආරවුලක් ඇතිව තිබෙනවා.

එම ආරවුල දුරදිග ගොස් ගැටුමක් හටගෙන ඇති අතර, එහිදී පුද්ගලයෙකු එල්ල කළ පිහි පහරකින් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ සිදුකරනු ලබනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
7
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?