මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් පණිවිඩයක්

ඉදිරියේදී පැය 10ක් දක්වා වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අද (25) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේ මෙරටට අවශ්‍ය තෙල් සංචිත ලැබෙන බවයි.

“පැය 10ක් දක්වා විදුලිය කැපීමේ අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය තෙල් සංචිත අපිට දැන් තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ දකුණු පළාතට පැය ගණන් විදුලිය කැපෙන තත්ත්වයේ අඩුවීමේ ප්‍රවණතාවයක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?