මස් කඩ හා සුරාසැල් ගැන නිවේදනයක්

74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදින දිවයින පුරා ඇති සුරා සැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙනු ඇත.

එමෙන්ම එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?