AFC Banner
AFC Banner
Empty Ad

මරාගෙන මැරෙන බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට බදියුදීන් දුන් අනුග්‍රහය හෙළි වේ

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අයත් තඹ කර්මාන්ත සමාගමක් වෙත එවක කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වත්මන් පාලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විශේෂ අනුග්‍රහයක් සලසා දී තිබූ ආකාරය පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (28) සලකා බැලූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එම දැනුම් දීම සිදුකළේය.

එම පෙත්සම් සලකා බැලීම විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44
Video thumbnail
නීතිපතිවරයාට වැඩ වරදී ? මාලිමාවේ පම්පෝරිය සුනේ සුන්...
07:36
Video thumbnail
කසියා පෙරපු අයයි - බොන්න ආපු අයයි එක පොදියට පොලිස් දැලට
02:13
Video thumbnail
මේක නැවැත්තුවේ නැතොත් - අපි නවත්වන විදියත් දන්නවා
10:03
Video thumbnail
පා.ම නිතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සහ පා.ම රෝහණ බණ්ඩාර සමඟ දසත කස්තිරම
01:31:21
Video thumbnail
පාසල්වල මුදල් එකතු කිරීම තහනම් - බොරුවාට බයිලා ගහලා වැඩක් නෑ
04:33
Video thumbnail
චන්දිම වීරක්කොඩිගෙන් හෙළිදරව්වක් - ගේ ගිනි තිබ්බේ මාලිමාවේ ප්‍රබලයෙක්
01:59

?