මරණාධාර සමිතියේ ගැටුමක් – දෙදෙනෙකු රෝහලේ

මරණාධාර සමිති සභා වාරයක දෙපාර්ශවයක් අතර ඇතිවූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් සිදුවූ ගුටි බැට හුවමාරුවකින් තුවාල ලැබූ දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද සවස වනාතවිල්ලුව, අළුත් එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි දේවාස්ථානයකට අයත් ශාලාවකදී මෙම ගැටුම සිදුවී ඇති බවයි.

තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගැමුටම හේතුව මුදල් ආරවුලක් බවටයි පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ.

ගැටුම ඇති කර ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් පිරිසක් බවට ද හෙළිවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?