මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න ?

අපේ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිට, අගමැතිට ඇතුළු සියළු දෙනාටම ලබා දුන් විශ්‍රාම වැටුප වහාම හෝසි කරනවා. ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වෙලා හිටියා. ඒතුමා මිය ගියාට පස්සේ ඒතුමගේ නෝනා ප්‍රේමදාස මහත්මියට ආණ්ඩුවේ සල්ලිවලින් විශ්‍රාම වැටුපක් තවම ගෙවනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මැදිරිගිරිය දියසෙන්පුර නගරයේ පැවැති ප්‍රධාන රැස්වීමක් අමතිමින් ටිල්වින් සිල්වා මේ බව සඳහන් කර සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියා,

” මම අහන්නේ සජිත් මහත්තයට බැරිද අම්ම බලා ගන්න. අපි අපේ අම්මලා බලා ගන්නවා. සජිත් මහත්තය විපක්ෂ නායකනේ ඒතුමට වත්කමක් තියෙනවනේ. ඒතකොට ඒතුමට අම්මව බලා ගන්න බැරිද. අම්මා ආණ්ඩුවේ පිහිටෙන් ජීවත් වෙනවා. පුතා ආණ්ඩුව ගන්න කතා කරනවා.

ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා. රියැදුරන් තුනක් දෙනවා. තුන්දෙනාටම ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ වාහන තුනටම ආණ්ඩුවෙන් නොමිලේ තෙල් ගහලා දෙනවා. ගෙයකුත් දෙනවා. ඒ් ගෙදර වතුර, ලයිට්, ටෙලිෆෝන් බිල් සියල්ල ගෙවනවා. පුදුම ගෙවිල්ලක් ඒවා නවත්වන්න ඕනේ.

කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයාගේ වතුර බිල ඒකතුවෙලා ඇවිත් තිබුණා රුපියල් ලක්ෂ 18 යි. බීලද ? නාලද? පඩියක් ගෙව්වට කමක් නෑ. සියළු දීමනා නවත්වන්න ඕනේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?