මම අරගලයේ හිටියේ නැහැ – මම ගැන මම සතුටු නැහැ.මම මගේ වැඩේ හරියට කරලා නැහැ

ශිහාන් මිහිරංග කියන්නෙ රටක් ආදරය කරන ගායකයෙක්.ඒ ආදරණීය ආකර්ශනය වැඩිපුරම තියෙන්නෙ තරුණ පරම්පරාව වෙතට වීම විශේෂයි.රියැලිටි වේදිකාවෙන් බිහිවුණු තරු අතර ශිහාන් මිහිරංගට හිමිවුණේ කිසිදාක නොබිඳෙන ජනප්‍රියත්වයක්.එතනින් එහාට ගියොත් අද වනවිට ශිහාන් කියන්නෙ ජනප්‍රියත්වය සමඟ ගරුත්වයත් නිරායාසයෙන්ම ලැබුණු ජනතාවගේ ගායන ශිල්පියෙක්.ඉතිං අද අපි මේ සුන්දර ගායන තරුව සමඟ සුහද කතා බහක යෙදුණා..

ශිහාන් මේ දවස්වල කොහොමද ?

හොඳයි කියන්න නම් බෑ හැබැයි සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා..

ශිහාන් මිහිරංග ගැන පොඩි හඳුන්වාදීමක් කළොත්?

මම හැමදාම මම කැමති විදියට ජීවත් වෙන්න කැමති කෙනෙක්.ඕනම විෂයක් ඇතුළෙ මම කැමති විදියට ජීවත් වෙන්න මම ආසයි

එදා ඉඳන් කොහොමද මේ නොවෙනස් වන ප්‍රේක්ෂක ආදරය පවත්වගෙන යන්නේ?

ඇත්තටම එහෙම දෙයක් මම කරන්නේ නැහැ.ඒක මට ලැබෙන දෙයක් සහ ප්‍රේක්ෂකයෝ ඇයි ශිහාන්ට ආදරේ කියන එක මම තේරුම් අරගෙනත් නෑ.මම දන්න ටික හරියට කරනවා.

තාමත් ශිහාන් මිහිරංගට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ ගැහැනු ළමයින්ගෙන් ද?

නැහැ ඇත්තටම එහෙම දෙයක් නෑ.පිරිමි ළමයි තමයි වැඩිපුරම කතා කරන්නේ

ශිහාන්ගේ පවුලෙ විස්තර ටිකක් කිව්වොතින්?

මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මමයි.දැන් මම විවාහකයි.මමයි මගේ බිරිඳයි පුතාලා තුන් දෙනයි.

ශිහාන් කියන්නේ අරගලයේ කැපී පෙනුණු චරිතයක්.රට වෙනුවෙන් මේ දියත්වන සටන ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම මම අරගලයේ හිටියේ නැහැ.අරගලය පටන් ගන්න කලින් තමයි 2018 2019 දී මිනිස්සු මං දේශපාලනය ගැන කතා කරනවා කියලා දැනගත්තේ.ඒ හිරු ස්ටාර් සීසන් 01 එකේදී.ඒ කාලෙ තිබ්බ ආණ්ඩු වලට යම් යම් දේවල් සහ දේශපාලනය සම්බන්ධ ප්‍රතිපත්ති නිර්මාණයේදී කරන වැරදි ගැන මම කතා කළා.ඇත්තටම දේශපාලනය සම්බන්ධව අදහසක් නෑ.මොකද දේශපාලනය ගැන තියෙන්නේ කලකිරීමක්.

ශිහාන් හිතෙන විදිහට විදියට ලංකාවේ දේශපාලනය වෙනස් විය යුතු තැන කොතැනද?

ඇත්තටම ඒ ගැන අදහසක් දැන් නැහැ මට

ශිහාන් මිහිරංග අද ඉන්න තැන ගැන ඇත්තටම තෘප්තිමත්ද?

ශිහාන් මිහිරංග දැන් ඉන්න තැන ගැන තෘප්තිමත් නෑ.මොකද මට අවුරුදු 38 ක් වෙද්දි මම මෙතන නෙමෙයි ඉන්න ඕන.ඒක රටේ තත්ත්වය සහ අපි ඉපදුන රටත් එක්ක වෙනස් වෙනවා.වෙනස් වෙන්න ඉඩ තිබුණා.අද තත්වෙ බලනකොට මම ඉන්න ඕන මෙතන නෙමෙයි.

ඒ කියන්නේ අද ඉන්න තැන ගැන ඔබ දුක් වෙනවද?

දුකක් නම් නැහැ.ඒත් මම ගැන මම සතුටු නැහැ.මම මගේ වැඩේ හරියට කරලා නැහැ.

ඒ කියන්නේ ශිහාන් සංගීත ක්ෂේත්‍රයේ මීට වඩා තැනක මේ කාලෙදි ඉන්න ප්ලෑන් කරා ද?

සංගීත ක්ෂේත්‍රයේ මීට වඩා ඉහල තැනක් ගැන මං හිතන්නේ නෑ.මගේ පෞද්ගලික ජීවිතයේ වෘත්තිමය ජීවිතේ කියන දෙකෙන්ම මම හිතනවා මේ ඇවිල්ල තියන තැන ගැන මම තෘප්තිමත් නැහැ කියලා.

ශිහාන්ගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු මොනවද? මොනවද සැලසුම් කරලා තියෙන්නේ?

ඉදිරියට ප්ලෑන් කරපු කිසිම දෙයක් නෑ.ප්ලෑන් කරපු සියල්ල නවත්තලා දැන් අලුතින් හිතන්න පටන් අරන් තියනවා.music සම්බන්ධවත් කිසිම දෙයක් ප්ලෑන් කරලා නෑ.

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

WhatsApp Image 2022 06 14 at 1.33.44 PM
WhatsApp Image 2022 06 14 at 1.33.45 PM 1 1
WhatsApp Image 2022 06 14 at 1.33.45 PM
WhatsApp Image 2022 06 14 at 1.33.46 PM 1 2
WhatsApp Image 2022 06 14 at 1.33.46 PM 1
WhatsApp Image 2022 06 14 at 1.33.47 PM 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
9
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
1

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?