හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායල් රාජ්‍ය අතර 2023 වසරේ දී අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව ඊශ්‍රායල් රාජ්‍ය වෙත කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ දී, විදේශ රැකියා හා කම්කරු අමාත්‍යවරයා ලෙස තම බලය අවභාවිතා කරමින් කිරීම සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගත බව අල්ලස් කොමිසමා පවසනවා.
ඊශ්‍රායල් කෘෂි රැකියා සඳහා පිටව යාමට බලාපොරොත්තු වූ තැනැත්තන් හට, එකී අවස්ථාව අහිමි කරමින් තෝරාගත් පිරිසක් සඳහා පමණක් එකී අවස්ථාව සලසා, තමා වෙත සහ එකී තෝරාගත් තැනැත්තන් වෙත වාසියක් සහ තවත් පිරිසකට වැරදි සහගත හෝ නීති විරෝධී අලාභයක් සිදු කිරීම තුළින් දුෂණය නැමති වරද සිදු කිරීම යන චෝදනාව මත හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද (15) වන දින පස්වරුවේ අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරන බවටද එම,අ නිවේදනයේ සඳහන් වනවා.
















