මනුෂ්‍ය ඝාතනයකට උදව් අපකාර කල පුද්ගලයන් තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව රාගම ඇල්විටිවෙළ පිහිටි නිවසේ උඩුමහලේ කාමරයක් තුළ දී වැටලීමක් සිදුකර ඇති අතර එහි දී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු ජාවාරම් කිරිම සදහා සන්තකයේ තබාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 05, මි.ග්‍රෑ. 580 ක්, ජංගම දුරකතන 01 ක් විද්‍යත් තරාදියක් සහ යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

මෙම පුද්ගලයන් තිදෙනා රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23, 24 වයසේ පුද්ගලයන් වන අතර මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ටාශය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?