AFC Banner
AFC Banner
Empty Ad

මන්නාරමේ වෙඩික්කරුවන් අල්ලන්න පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ පසුගිය 16 වනදා සිදුකළ වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් හඳුනාගැනීම සඳහා එම සැකකරුවන්ගේ රුවට සමානව අඳින ලද රූප දෙකක් පොලිසිය විසින් මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංකවෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවට ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙන්නේ.

තොරතුරු ලබාදිය හැකි දුරකථන අංක පහතින්.
023 2223224 / 071 8591363

සැකකරුවන්ගේ රුවට සමානව අඳින ලද රූප පහතින්.

2 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?