මන්ත්‍රී දෙපළක් කළ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ – අගරදගුරු හිමිපාණන්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හුවා දැක්වීමට තමන් බලවත් විරෝධය පළ කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ ගරු අධිකරණයට බලපෑම් කිරීමට කතානායකවරයාගෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කල ඉල්ලීම
කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

අද (13) කොළඹ අගරදගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්, විධායකයට නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නොමැති බවයි.

කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති බව පැවසූ උන් වහන්සේ මාර්තු 03 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය,සහ ජනාධිපතිතුමා ද බැඳි සිටින බව මතක් කර දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?