මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට සභාපති තනතුරක්

ශ්‍රී ලංකා – ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි තේරී පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව වන පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය වන ජූලි චන්ග් මෙහිදී විශේෂ ආරාධිතයා වශයෙන් එක්වූ අතර, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙහිදී ශ්‍රී ලංකා – ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය ද උප සභාපතිවරුන් වශයෙන් රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ තලතා අතුකෝරල සහ වේලු කුමාර් ද තේරී පත්කරගනු ලැබුවා.

මීට අමතරව, මිත්‍රත්ව සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා සහ උප ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ද මෙහිදී තෝරා පත්කරගෙන තිබෙනවා.

රැස්වීම අමතමින් ගරු කථානායකවරයා පවසා සිටියේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකානු එක්සත් ජනපද අතර දශක ගණනාවක සිට පැවතෙන ද්වීපාර්ශවීය සබදතා මෙම සංගමය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එමෙන්ම ඇමෙරිකානු එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයන්ට ස්තූතිය පළ කර සිටියා.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය ජූලි චන්ග් අභිනව නිලධාරී මඩුල්ලට සුබ පැතුම් එක්කරමින් ප්‍රකාශ කර සිටියේ මෙම මිත්‍රත්ව සංගමය පිහිටුවීම තුළින් දෙරට අතර පාර්ලිමේන්තු හුවමාරු සහ අන්තර් සහයෝගීතාව ශක්තිමත් වනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?