spot_imgspot_img

මන්ත්‍රීවරු තීරුබදු රහිත වාහන බලපත්‍ර ඉල්ලුවා ද ? – වැඩ බලන මුදල් ඇමතිගෙන් උත්තර

වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් මුදල් අමාත්‍යාංශයට ඉල්ලීමක් යොමු කර නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (22) ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදෙන මෙන්, මුදල් අමාත්‍යාංශයට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කර නැහැ. ඒ ඒක්කම එවැනි ප්‍රවෘත්ති පළ කිරීමේ දී, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යැයි සඳහන් කරනවාට වඩා වගකීමෙන් යුතුව පළ කිරීම ඉතා වැදගත්”

ඒ, අනුව තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් හෝ වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දෙන මෙන් වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර නැතැයි වැඩ බලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?