මදුරු දඟරයක් හය දෙනෙකුට දිවි අහිමි කරයි

දල්වා තිබූ මදුරු දඟරයකින් ඇවිලුණු ගින්නකින් නිවසක් තුළ සිටි පුද්ගලයින් හය දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (31) වාර්තා කළා.

දිල්ලි නුවර ශාස්ත්‍රි පාර්ක් හි පිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්නෙන් එකම පවුලක පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පිළිස්සුම් තුවාල සහ හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ඔවුන් මෙලෙස මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රාත්‍රියේ දල්වා තිබූ මදුරු දඟරයක් මෙට්ටයක් මතට වැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතරින් සිව්දෙනෙක් වැඩිහිටි පිරිමි පුද්ගලයින් වන අතර, තවත් කාන්තාවක් ද ඒ අතර වනවා.

එමෙන්ම තවත් දරුවෙක් ද මෙම ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා.

පිළිස්සුම් තුවාල ලබා තවත් දෙදෙනෙක් මේ වනවිට රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?