මද්දකට හසුවීමෙන් තවත් කඳුකර කොටියෙක් මියයයි (ඡායාරූප)

බුලත්කොහුපිටිය ඉහළ උඩුව ප්‍රදේශයේදී මද්දකට හසුවීමෙන් මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අද උදෑසන පාසල් සිසුවෙකු අතුරු මාර්ගයකින් පාසල වෙත යමින් සිටියදී කොටියා මද්දට හසුවී සිටින ආකාරය දැක ගම්වාසීන් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ප්‍රදේශවාසීන් පැමිණ කළ සොයා බැලීමෙන් ටික වේලාවකට පසු එම සත්වයා මරණයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට තම ප්‍රදේශයේ නිවෙස්වල සුනඛයන් ඇතුලු සතුන් අතුරුදන් වූ අතර මියගොස් ඇති මෙම කොටියා විසින් එම සතුන් ආහාරයට ගන්නට ඇති බවයි.

පිරිමි සතෙකු වන මෙම කොටියා ගැහැණු සතෙකු සහ පැටවුන් 4 දෙනෙකු සමග සිටින ආකාරය ගම්වාසීන් අවස්ථා කිහිපයකදී දැක ඇතැයි ද සඳහන්.

බුලත්කොහුපිටිය පොලිසිය සහ වන ජීවී නිලධාරීන් මේවන විට එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?