Fly high Get bonus Aviator Phone

මත්පෙති 1600 ක්‌ සමඟ වෛද්‍යවරයෙකු අත්‌අඩංගුවට

ඇත්ගාල පොලිස්‌ ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත ඇත්ගාල පොලිස්‌ වසමේ ජයමාලපුර ප්‍රදේශයේදී අයිමාත්‍රා ඹෟෂධ මත්පෙති 1600 ක්‌ විකිණිම් සිදු කරන ලද වෛද්‍යවරයෙකු ඇත්ගාල පොලිසියේ නිලධාරීන්‌ විසින්‌ අත්‌අඩංගුවට ගෙන තිබෙනවා.

අත්‌අඩංගුවට ගන්නා ලද සැකකරු වයස අවුරුදු 49 ක්‌ වන ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි.

සැකකාර වෛද්‍යවරයා විසින්‌ මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පුද්ගලයින්‌ මන්ද්‍රව්‍ය නොමැති අවස්ථාවලදී භාවිතයට ගනු ලබන ප්‍රිගැබලින්‌ පෙති 1100 සහ ටැමඩෝල්‌ පෙති 500 ක්‌ සමග අත්‌අඩංගුවට ගෙන ඇති අතර දීර්ඝ කලක සිට සිදු කරන ලද විමර්ශනයකට අනුව උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කර තිබේ.

අත්‌අඩංගුවට ගන්‌ සැකකරු අද දින ගම්පොල ගරු මහෙස්ත්‍රාත්‌ අධිකරණයට ඉදිරිපත්‌ කිරීමෙන්‌ අනතුරුව 2024.02.19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා

ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?