මත්පැන් සාදය මරණයකින් අවසන් වෙයි

මත්පැන් සාදයකින් අනතුරුව පිරිසක් කළ පහරදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මත්පැන් සාදයෙන් පසු සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් කළ පහරදීමකින් 26 හැවිරිදි මෙම තරුණයා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ පස්වරුවේ මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම බඹරගේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙක්.

ඔහු මිතුරන් පිරිසක් සමග මත්පැන් පානය කර නිවසින් බැහැරව ගොස් ඇති අතර පසුව සිදු වූ බහින් බස් වීමකින් කිසියම් පිරිසක් වැලිපිටිය ප්‍රදේශයේදී පහරදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් පහරදීමට නිශ්චිත හේතුවක් හෝ මරණය සිදු වී ඇත්තේ අදාළ පහරදීමෙන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

විමර්ශණ සඳහා මෘත ශරීරය මාතර මහ රෝහලට යොමුකර තිබෙනවා.

පහරදීමට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර වැලිගම පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?