මත්පැන් මිල අඩුවෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

මත්පැන් මිලේ අඩුවීමක් සිදුනොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ලබන මාසයේ දී මත්පැන් සහ බීර මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මත්පැන් සහ බීර අලෙවිය අඩුවීමත් සමඟ නිෂ්පාදන සමාගම් ඒවායේ මිල පහත දමන ලෙස ඉල්ලීමක් කර තිබුණා.

ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මත්පැන් නිෂ්පාදන සමාගම් අතර පසුගියදා පැවති සාකච්ඡාවක දීයි.

කෙසේ වෙතත් එම ඉල්ලීම ක්‍රියාත්මක නො කිරීමටයි රජය පියවර ගෙන ඇත්තේ.

මේ අතර මත්පැන් මිල අධික වීම හේතුවෙන් ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට වැඩි වශයෙන් හුරු වී ඇති බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
19
+1
15
+1
61
+1
6
+1
14
+1
16
+1
27
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?