මඩු මංගල්‍යයේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් සහභාගි වු තරුණයෙකුට සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මරුමුවට

මන්නාරම,මඩු දේවස්ථානයේ මංගල්‍ය කටයුතු වෙනුවෙන් සහභාගි වු තරුණයෙකුට සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව මඩු පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ මඩු කතෝලික සභාවට අයත් මාධ්‍ය කේන්ද්‍රයේ කටයුතු කළ තරුණයෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මන්නාරම පදිංචි ජෙගනාදන් ඩිරෝන් නමැති 28 හැවිරිදි තරුණයෙකු ඊයේ(13) රාත්‍රියේ කිසියම් ආසාත්මිකතාවයකට ලක්ව රෝහල්ගත කොට ඇති අතර, එහිදි අනාවරණය වි ඇත්තේ තරුණයා මියගොස් ඇති බවයි.

මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අද(14) මන්නාරම රෝහල් මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වු අතර,සර්ප දෂ්ඨනයක් හේතුවෙන් වු විෂ ශරීරගතවීමකින් තරුණයා ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වි ඇති බවද රෝහල් ආරංචි මාර්ග පැවසූහ.

මියගිය තරුණයා මඩු මංගල්ලයේ දිව්‍ය පූජාව වීඩියෝ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් සිටි අවස්ථාවක සර්ප දෂ්ඨනයකට ගොදුරු වි ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

මළ සිරුර ඥතීන් වෙත භාරදීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මඩු දේවස්ථාන වාර්ෂික මංගල්ලය හෙට(15) දිනයේ පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
2
+1
30
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?