මගෙන් අවශ්‍ය වූ දේ ඉටුවුණේ නැත්නම් අලුත් කණ්ඩායමක් හොයා ගන්න – ජනපති ජනතාවට කියයි

තම රජය තුළින් ජනතාව බලාපොරොත්තු වූ දේ ඉටු වන්නේ නැතිනම් අලුත් කණ්ඩායමක් සොයා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ නැවත පරණ කණ්ඩායම ම බලයට ගෙන ඒමේ ක්‍රමය දැන් වෙනස් කළයුතු බවයි.

“අවුරුදු 5ක් රට පාලනය කරලා අසාර්ථක වුණු නිසානේ මම මෙතනට පත් වුණේ. දැන් අවුරුදු දෙකකට පස්සේ කිසිම දෙයක් වුණේ නෑ වගේ කතා කරනවා. මේ ක්‍රමය වෙනස් කරන්න ජනතාව. මම වුණත් මගේ ආණ්ඩුවේ ඇමතිවරු වුණත් මන්ත්‍රීවරු වුණත් ඔබ බලාපොරොත්තු වූ දේ ඉටු නොකළොත් ආපහු අර පරණ කණ්ඩායමක් ම ගේන්න එපා. අලුත් අය හොයන්න. මම දන්නේ නෑ කොහොමද කරන්නේ කියලා. අපි හොඳ දෙයක් කරනවා නම් ඒකට රට වෙනුවෙන් සියලු දෙනා එකතු වෙලා කරන්න අවශ්‍යයි. විරුද්ධ පක්ෂයක් කියන්නේ ඒකයි. අපිට සංවර්ධනය කරන්න ආයෝජන කරන්න මුදල් නෑ. අපි පිටරටවල ආයෝජන ගේන්න අවශ්‍යයි. සෘජු විදේශ ආයෝජන නැතිව අපි වගේ රටකට යන්න පුළුවන් කමක් නෑ. අපිට වත්කමක් නෑ. මේ ආයෝජන කරේ නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් කමකුත් නෑ.”

අරලියගහ මන්දිරයේදී අද (10) පෙරවරුවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?