මග්ගොනදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

හික්කඩුවෙන් අද අලුයම 5 25ට මරදාන බලා ධාවනය වූ දුම්රියක් මග්ගොනදී පෙරවරු 6 25 ට කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වුණා.

අප කළුතර වාර්තාකරු පවසන්නේ දෝෂයට ලක්වූ දුම්රිය විනාඩි 30 කට ආසන්න කාලයක් මග්ගොන දුම්රිය මාර්ගයේ පැවති බවයි.

අනතුරුව කාර්මික ශිල්පින් පැමිණ එය කළුතර උතුරු දුම්රිය ස්ථානය දක්වා මන්දගාමීව රැගෙන යෑමට කටයුතු කර තිබුණා.

මෙම තත්ත්වය මත මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සහ මාතර දෙස සිට පැමිණි සියලු දුම්රියන් ධාවනය ප්‍රමාද වූ බවයි දුම්රිය බලධාරීන් පැවසුවේ.

කෙසේවෙතත් මේ වනවිට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙමින් තිබෙන බව ඔවුන් පැවසුවා.

කළුතර සහ පානදුර සිට කොළඹ බලා යන එන දුම්රියන්වලට මින් බලපෑමක් එල්ලවුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?