භූ කම්පන ඛේදවාචකයෙන් හානි වූ තුර්කියට තවත් කරදරයක්

පසුගිය මාසයේ ඇති වූ භූමිකම්පාවෙන් විනාශයට පත් වූ ගිනිකොනදිග තුර්කියේ නගර දෙකකට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

විපතට පත්වූවන් අතර භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය ද වන අතර ඔවුන් භූමිකම්පාවෙන් පසු කුඩාරම් නිවාසවල ජීවත් වූ බවයි වාර්තා වන්නේ.

සැන්ලියර්ෆා හි වීදි හරහා ගංවතුර ගලා යාම හමුවේ මෝටර් රථ පෙරළී ගිය අතර එහිදී පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇතැයි සඳහන්.

අඩියමන් ප්‍රදේශයේ පවුල් දෙකක් රැඳී සිටි කන්ටේනරයක් ද ගංවතුරට හසුවී තිබෙනවා.

මියගිය පුද්ගලයින් දෙදෙනෙකු අතර කන්ටේනරයේ ජීවත් වූ කාන්තාවක් ද වන අතර තවත් කිහිප දෙනෙකු අතුරුදන් වූ බව වාර්තා වනවා.

මෙම ජල ගැලීම් තත්වය මත ආරක්ෂක අංශ විසින් නගරයේ කූඩාරම් ඉවත් කර තිබෙනවා.

තුර්කියේ භූ කම්පනයෙන් ජිවිත 48,000ක් පමණ අහිමි වූ අතර තවත් බොහෝ දෙනෙකුට නිවාස අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?