භූ කම්පනයක් ගැන ඉන්දියාවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාව තුළ ඉදිරි දිනවල දී භූ කම්පනයක් ඇතිවිය හැකි බව භූ විද්‍යා විශේෂඥයෙක් වන ආචාර්ය එන්. පූර්ණචන්ද්‍ර රාඕ අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

ඉන්දියානු භූ තලය සෑම වසරකම සෙන්ටිමීටර 05 ක් පමණ චලනය වන අතර, ඒ අනුව ඉදිරි දිනවලදී මෙම භූ කම්පනය සිදුවුය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ අතර රිච්ටර් මාපකයේ 4.4 ක ප්‍රබල භූ කම්පනයක් නේපාලයට ඊයේ දිනයේ බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

භූමිකම්පාව නේපාලයේ ජුම්ලා සිට කිලෝමීටර් 69 ක් දුරින් සිදුව ඇති අතර, භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව, භූමිකම්පාවේ ගැඹුර කිලෝමීටර 10 ක් වූ අතර පස්වරු 1.30 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාවේ

නේපාලය පසුගිය මාස කිහිපය තුළ නිරන්තර භූමිකම්පාවලට ලක් වූ අතර,පසුගිය ජනවාරි 24 වන දින නේපාලයට රිච්ටර් මාපකයේ 5.8 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
5
මාර දුකයි !
7
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?