මාර්තු මස 28 වැනි දින මියන්මාරයට සහ තායිලන්තයට බලපෑ ද්විත්ව භූ කම්පනයේ දී බැංකොක් නගරයේ ඉදි කර තිබූ උස ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් එහි ඉදිකිරීම් සමාගමේ සේවය කළ චීන විධායක නිලධාරියෙකු තායිලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව ගොඩනැගීමේ චෝදනාවට අදාළ විධායක නිලධාරියාව අත් අඩංගුවට ගෙන ඇති බවයි.
තායිලන්තයේ විශේෂ විමර්ශන දෙපාර්තමේන්තුව (DSI) චීන ජාතිකයෙකු වන ෂැං චුවාන්ලිං අත්අඩංගුවට ගත් බව නිවේදනය කළා.
චීන ඉදිකිරීම් සමාගමක තායි සතු අනුබද්ධිත ආයතනයක නාමයෝජනා ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මත අවශ්‍යව සිටි පුද්ගලයින් සිව්දෙනාගෙන් එක් අයෙකු ලෙසයි මෙම සැකකරුව සැලකෙන්නේ.
මාර්තු 28 වන දින මධ්‍යම මියන්මාරයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් පසු කඩා වැටුණු බැංකොක්හි චතුචක් දිස්ත්‍රික්කයේ මහල් 30කින් යුත් රාජ්‍ය විගණන කාර්යාල මූලස්ථානය මෙකී චීන විධායක නිලධාරියා සේවය කළ සමාගම විසින් ඉදිකරමින් සිටියා.