බොරැල්ල පෞද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සම්බන්ධ තවත් අයෙක් අල්ලයි

බොරැල්ල ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සිදුකළ වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් ඊයේ (30) වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 53 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, ඔහු අද (31) දිනයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දිළිඳු පවුල්වල පුද්ගලයින් රවටා ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසමින් බොරැල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ පෞද්ගලික රෝහල තුළ මෙම මිනිස් අවයව ජාවාරම සිදුකරගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

එහිදී වකුගඩු ලබාගැනීමේ සිද්ධියකට අදාළව පිරිමි පුද්ගලයින් සිව්දෙනෙක් සහ කාන්තාවක් විසින් බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ, අනුව සිදුකළ විමර්ශන වලදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට පෙරට අවස්ථා කිහිපයක දී මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?