දින 20 ක කාලයක් කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා බොරතෙල් මෙට්‍රික්ටොන් 99,000 ක් සහිත නෞකාවක් තිබේ. ඒ සදහා ඩොලර් කෝටි 7 ක් හෙවත් රුපියල් කෝටි 2500 කට අධික මුදලක් නොමැති වීමෙන් මෙලෙස නැංගුරම්ලා ඇති බව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරියකු අද (10) පැවසීය.
මේ සදහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් ලක්‍ෂ එකහමාරක් ගෙවියයුතු බවයි ඔහු පැවසුවේ. ඒ අනුව එම නෞකාවට මේ වන විට ඩොලර් ලක්‍ෂ 30 ක් හෙවත් රුපියල් කෝටි 110 ක් අධික ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන බව ද සඳහන් කළේය.
කොරල් එනර්ජි සමාගමෙන් ඇනවුම් කළ ඌරල් නැමැති බොරතෙල් අඩංගු මෙම නෞකාව පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා ශ්‍රී ලංකාවට ළගාවී තිබෙනවා.
මේ වන විට එය නිදහස් කරගැනීමට අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බවයි එම නිලධාරියා පැවසුවේ.
ඌරල් නැමැති බොරතෙල් වර්ගය ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට චෝදනා එල්ලවී තිබෙනවා.