බෙහෙත් පෙති වැසිකිළි කවුළුවෙන් එළියට විසි කරලා – බදුර්දීන්ට ලෙඩක් තිබිලා නැහැ

හදිසි රෝගී තත්ත්වයක් නිසා බව කියමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ට එවැනි රෝගී තත්ත්වයක් නොමැති බවට වෛiවරුන් තහවුරු කිරීමෙන් පසු පෙරේදා (24 දා) නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ලදී.

බදුර්දීන්ගේ රෝගී තත්ත්වයන්ට ලබාදුන් පෙති වර්ග සියල්ල ඔහු කොළඹ ජාතික රෝහලේ වැසිකිළි කවුළුවෙන් පිටතට විසිකර දැමීම අධීක්‍ෂණය කිරීමෙන් පසු ඔහුට රෝගී තත්ත්වයක් නොමැති නිසා නැවත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැුගෙන යෑමට කටයුතු කර තිබිණි.

සිය නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරිය අබිරහස් අන්දමින් පිලිස්සී මිය යෑමේ සිද්ධිය හෙළිදරව් වූ දිනට පසු දිනම හදිසි රෝගී තත්ත්වයක් බව කියමින් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූවේය.

ඒ වන විට පාස්කු ප‍්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රිෂාඞ් බදුර්දීන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටියේය.

රෝහල් ගත කළ රිෂාඞ් බදුර්දීන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි රැුකවරණ යොදවා තිබිණි.

රිෂාඞ් බදුර්දීන් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී නිතර නිතර වැසිකිළියට ගොස් ඇති අතර ඔහු ඒ හැම අවස්ථාවකදීම අතේ කිසියම් දෙයක් සඟවාගෙන යන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්‍ෂණය කර තිබේ.

ඒ අනුව රිෂාඞ් බදුර්දීන් වැසිකිළියට ගිය අවස්ථාවේ එහි කවුළුවෙන් කොළ කැබැල්ලක එතූ කිසියම් දෙයක් ඉවතට විසිකරනු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දැක ඇත.

එසේ විසිකළ කොළ කැබැල්ලේ එතූ දෙය පරීක්‍ෂා කිරීමේදී දැක ඇත්තේ එහි බෙහෙත් පෙති කීපයක් තිබෙන බවයි.

මෙම බෙහෙත් පෙති කීපය බදුර්දීන් නැවතී සිටි වාට්ටුවේ වෛiවරුන්ට ලබාදීමෙන් පසු එම වෛiවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ මේවා හිටපු ඇමැතිවරයාට ලබාදුන් ඖෂධ බවයි.

මෙම සිද්ධියෙන් අනතුරුව කිසියම් රෝගී තත්ත්වයක් නොමැති බව තහවුරු වීමෙන් පසු හිටපු ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත රැුගෙන යාමට කටයුතු කර තිබිණි.

මීට ඉහතදී ද රිෂාඞ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ නිවසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය අවස්ථාවේ හිටපු ඇමැතිවරයා ඔහු පාවිච්චි කළ රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා ඇපැල් වර්ගයේ ජංගම දුරකථනය ඔහුගේ නිවසේ තුන්වැනි මහලෙන් ඉවතට විසිකර තිබිණි.

එම දුරකථනය පසුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී.

හේමන්ත රන්දුණු

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩබල් පොකට් පිට් පොකට් - ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම
15:09
Video thumbnail
ඉසුරුපාය ඉදිරියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:21
Video thumbnail
යාළුවන්ට තනතුරු දෙන එකද පුනරුදය - කිසිම ජනපති කෙනෙක් මෙහෙම කරලා නෑ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50


?