බූරු මූණාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සොයාගැනේ

පොලිස් අත්අඩංගුවෙන් පලා ගොස් සිටිය දී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල, දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි.ෆෝ වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් 17 වනදා ‘බූරු මූණා’ නීතිඥවරයකු සමඟ මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී අවිස්සාවේල්ල, මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබාදුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් අද (19) දින දක්වා ප්‍රශ්න කෙරෙනවා.

‘බූරු මූණා’ නමැත්තා සිදුකළ ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, රත්ගම, ඇල්පිටිය, හික්කඩුව, කටුනායක, ඌරගහ සහ මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඝාතන 09ක චෝදනා ‘බූරු මූණා’ ට එල්ල වී ඇතත් තමන් සිදුකළේ ඝාතන දෙකක් බව ඔහු හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්ගම විදුර නමැත්තාගේ ගෝලයෙක් ලෙස කටයුතු කළ ‘බූරු මූණා’ විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නංගරගේ නමැත්තා මොහුව පරකඩුව ප්‍රදේශයට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තමන්ගේ ගෝලයන්ට හිරිහැර කරන ආපනශාලා හිමිකරු සම්බන්ධයෙන් ‘බූරු මුණා’ ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබා දී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස පවසා ඇතැයි සැකකරු පපොච්ච්රණය කර ඇති බව සඳහන්.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ‘බූරු මුණා’ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපනශාලාවට සහ සහෝදරයාගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

අවස්ථා කීපයකදීන් හංවැල්ලේ ආපනශාලා හිමිකරු ඝාතනය කිරීම සඳහා ගියත් ඒ සඳහා අවස්ථාවක් නොවූ හෙයින් ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර නැමැත්තා ‘බූරු මූණා’ වෙත මෙම පුපුරණ පුද්ගලයකු මාර්ගයෙන් එවා තිබූ බවට සැකකරුගෙන් අනාවරණය වී තිබෙනවා.

ඒ සදහා ඩෙටනේටර් තුනක්ද රැගෙනවිත් තිබූ අතර පොලිස් වෙඩි පහරින් මිය ගිය හංවැල්ල ඝාතනයේ යතුරුපැදිය පැද වූ ‘කරකරවිට සීයා’ නැමැත්තා හැඳ සිටි කබාය තුළ ඒවා බහා තිබූ බවත් ඝාතනයෙන් අනතුරුව කබාය සහ ආරක්ෂක හිස් වැස්ම විසිකර දැමූ බවත් සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
2
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?