බුවනෙකබා රාජ මණ්ඩපය කඩා දැමූ කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පිරිසකට අධි චෝදනා

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල” කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතායි අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කළේ.

හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගැනීම වළක්වමින් පසුගිය දා අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් 05ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ඟප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාර කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයින්ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තම සේවා දායකයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු දන්වා සිටියා.

ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා එම ඉල්ලීම ඇතුළත් දැනටමත් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ මෝසම පිළිබඳව කරුණු සලකා බැලීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මෝසම ඉදිරි දිනයක ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලෙසටයි නියෝග කළේ.

අදාළ මෝසම කැඳවන දිනය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුහුද මැදින් පාරක් හැදුවාට මාළුන්ට යන්න පුළුවන්, දුක් වෙන්න එපා
04:21
Video thumbnail
ඇදහැළුණු වැස්සේ අසරණ වුණු අහිංසක ජීවිත
01:46
Video thumbnail
මහින්ද බලන්න කාල්ටන් නිවසට ආ අමුත්තෝ..මහින්දනම් අද හරිම සතුටින් වගේ
02:44
Video thumbnail
තලාවේ බිහිසුණු බස් අනතුරක් - කීපදෙනෙකුට ජීවිතයත් අහිමි වෙයි
02:13
Video thumbnail
''බත් එක දිගහැරියා විතරයි..'' මේකේ පණුවෝ දුවනවා..''
01:12
Video thumbnail
BREAKING NEWS
03:11
Video thumbnail
වන්දි ඉල්ලා කුපිත වුණ "මග නගුම" සේවකයෝ පාරට බහියි..අපිව අනාත කළා - දරුවන්ට කන්නත් නෑ
02:54
Video thumbnail
අර්චුනා සභාව මැද "කට වහපන්" කියද්දි එක සිංහල මිනිහෙක්වත් නැගිට්ටේ නෑ
04:36
Video thumbnail
මම වසන්තට බලු වැඩක් කළා - මට සමාවෙන්න
10:10
Video thumbnail
සජබයට ගිය එජාපයේ සෙට් එක යළි මහගෙදරට එනවා..එජාපයේ නි. මහලේකම් ලෙස හරීන් වැඩ භාරගනී
10:29


?