බුත්තල සෙලවූ භූ කම්පනයට හේතුව මෙන්න

බුත්තල ප්‍රදේශයට ඊයේ (10) දහවල් සිදු වූ සුළු භූ කම්පන තත්ත්වය ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇති වූවක් බව භූ විද්‍යා විශේෂඥයින් පවසනවා.

ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳීයාම දැනට වසර 15ක 20ක පමණ කාලයක සිට තරමක් වේගවත්ව සිදුවෙමින් පවතින බවයි ඔවුන් පවසන්නේ.

එම බිඳී යාම සිදුවන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙන බව ද විශේෂඥයින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේ දී වාර්තා විය හැකි බව භූ විද්‍යා විශේෂඥයින් පෙන්වා දෙනවා.

මෙවැනි සුළු භූ කම්පනය සම්බන්ධයෙන් ජනතාව එතරම් බිය විය නොවිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
4
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?